spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

63 හැවිරිදි පුද්ගලයෙක් නිවස තුළ දී ගෙළ කපාගෙන සියදිවි නසාගනී

පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් දෙහිඕවිට, දෙල්ඔළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු මානසික ආබාධයකින් පෙලුණු පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිය පියා විසින් නිවස තුළට වී දොරඟුලු දමාගෙන සිටින බවට දියණියක් ඊයේ (07) උදෑසන කාලයේ දෙහිඕවිට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය සඳහා පිටව ගොස් ඇති අතර, එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් නිවසේ දොර ජනෙල් ඇතුළතින් අඟුලු දමාගෙන සිටින බවයි.

පසුව පොලිසිය විසින් නිවසේ දොර විවෘතකර බැලීමේ දී මෙම පුද්ගලයා විසින් නිවසේ මුළුතැන්ගෙය තුළ තියුණු ආයුධයකින් ගෙළ කපාගෙන සියදිවි නසාගෙන තිබිය දී හමුව තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?