63 හැවිරිදි පුද්ගලයෙක් නිවස තුළ දී ගෙළ කපාගෙන සියදිවි නසාගනී

පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් දෙහිඕවිට, දෙල්ඔළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු මානසික ආබාධයකින් පෙලුණු පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිය පියා විසින් නිවස තුළට වී දොරඟුලු දමාගෙන සිටින බවට දියණියක් ඊයේ (07) උදෑසන කාලයේ දෙහිඕවිට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය සඳහා පිටව ගොස් ඇති අතර, එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් නිවසේ දොර ජනෙල් ඇතුළතින් අඟුලු දමාගෙන සිටින බවයි.

පසුව පොලිසිය විසින් නිවසේ දොර විවෘතකර බැලීමේ දී මෙම පුද්ගලයා විසින් නිවසේ මුළුතැන්ගෙය තුළ තියුණු ආයුධයකින් ගෙළ කපාගෙන සියදිවි නසාගෙන තිබිය දී හමුව තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29