පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් සිදු කළා.
මෙම ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ඔහු පැවසුවේ එක් කණ්ඩායමක් හෝ පිරිසක් වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් මුදල් අමාත්‍යාංශය සූදානම් නොමැති බවත් එවැනි ආර්ථික වටපිටාවක ශ්‍රී ලංකාව මේ වනවිට නොමැති බවත්ය.
මෙය මුදල් අමාත්‍යාංශය අමානුෂික ලෙස හැසිරීමක් ලෙස හුවා දැක්වීම අසාධාරණ බවත් පවතින ආර්ථික වටපිටාව තුළ සියලුම ආයතන සම්බන්ධයෙන් නොවෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අමාත්‍යාංශයට සිදුව ඇති බව සියඹලාපිටිය මහතා කියා සිටියා.













