5,765,856ක් QR කේතය වෙනුවෙන් මේ වනවිට ලියාපදිංචි වෙලා

5,765,856 දෙනෙක් අද (20) පස්වරු 2.50 වනවිට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය QR කේතය වෙනුවෙන් ලියාපදිංචි ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 15 වනදා QR කේතය වෙනුවෙන් 42,899 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවයි.

එමෙන්ම මාර්තු 16 වනදා 337,068 දෙනෙක් ඊට ලියාපදිංචි වී ඇති බවත්, මාර්තු 17 වනදා 395,349 දෙනෙක් සහ මාර්තු 18 වනදා 301,463 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවයි පැවසුවේ.

ඊට අමතරව මාර්තු මස 19 වනදා 654,342ක් සහ ද (20) පස්වරු 2.50 වනවිට 182,189ක් ලියාපදිංචි වී ඇති බවයි සඳහන් කළේ.

එමෙන්ම පසුගිය මාර්තු 15 වනදා සිට නව ලියාපදිංචිවීම් 195,000ක් වාර්තා වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පවසා සිටියා.

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීම වෙනුවෙන් ලියාපදිංචිවීමේ දී ගැටළුවක් පැන නඟින අයෙකුට 0760 191919 යන වට්ස්ඇප් අංකයට එම ගැටළු ඉදිරිපත් කළ හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ඉන්ධන භාවිතාවේ දී සිදුවකරන වංචනික ක්‍රියාවන් සහ අවභාවිතයන් පිළිබඳව ද ඉහත දුරකථන අංකයට වට්ස්ඇප් ඔස්සේ පැමිණිලි කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02