Empty Ad
AFC Banner
Empty Ad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

2024 වර්ෂයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ මේ වනවිට පැවැත්වෙන ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවැනි සභා වාරයට එක්වෙමින් විපක්ෂයෙන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

ඉතා ඉක්මනින් අදාළ විභාග ප්‍රතිඵල දරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ.

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේ දී ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම සම්බන්ධයෙන් ගුරුවරු කිහිපදෙනෙකුට චෝදනා එල්ල වීමත් සමග දෙමාපියන් ඊට එරෙහිව විරෝධතා දියත් කළා.

මේ හේතුවෙන් වරින් වර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබුණා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදෙමින් සඳහන් කළේ පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සෑම දරුවෙකුටම නිදහස් ලකුණු පිරිනැමීම සිදු කළ යුතු බවත් එය එසේ නොවුණහොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නියෝගය ප්‍රකාරව කටයුතු කර ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇති බැවින් දින 40ක පමණ කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?