යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාලව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(19) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා සිය යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත් නීති මගින් ක්‍රියා නොකර සිය රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට නම් රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට පොලිස් සැරයන්වරයෙකු ඉල්ලා සිටින බවටත් ඒත්තාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ බවද අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.
සැකකාර පොලිස් සැරයන්වරයා පළමුවෙන් රුපියල් 2,200ක් ඉල්ලා පසුව ඉකුත් (17) දිනයේ තවත් රුපියල් 1, 000ක මුදලක් වැඩිපුර ඉල්ලා ඇති බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ
අදාල සැකකාර පොලිස් සැරයන්වරයා හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන (වැඩ බලන ස්ථානාධිපති රථවාහන) පොලිස් සැරයන්වරයෙකි




