AFC Banner
Empty Ad
Empty Ad

ගුවනින් යන අපූරූ මෝටර් රථය

පියාසර කළ හැකි කාරයක් මිනිත්තු 35 ක ගුවන් ගමනක යෙදීමේ පුවතක් ස්ලොවැකියාවෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පර්යේෂණ ගුවන් ගමන සිදුව ඇත්තේ ස්ලොවැකියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල දෙකක් අතර බවයි.

‘එයාර් කාර්’ ලෙස නම් කර ඇති මේ ‘හිබ්‍රිඩ්’ කාරය BMW එන්ජිමකින් සමන්විත බවද පැවසෙනවා.

සාමාන්‍ය පෙට්‍රල් භාවිතයෙන් එය ධාවනය වන අතර කාරය නිර්මාණය කළ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් කියා තිබෙන්නේ අඩි 8,200 ඉහළින් කිලෝමීටර 1,000 ක පමණ දුරක් ඊට පියාසර කළ හැකි බවයි.

මේ දක්වා එය පැය 40 ක් පමණ ගුවනේ රැඳී සිට ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

කාරය ගුවන් යානයක් බවට පරිවර්තනය වීමට මිනිත්තු 2 තත්පර 15 කාලයක් ගත වෙන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?