267 වැනි නව පාප් වහන්සේ තෝරාපත් කරගැනීමේ ඡන්දය අද පස්වරුවේ

අද (07) පස්වරු 04.30 නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

වතිකානු මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අද දිනයේ දී තෝරාපත් කරගනු ලබන්නේ 267 වැනි කතෝලික පල්ලියේ පාප් වහන්සේ බවයි.

මෙම ඡන්දය කාදිනල්වරුන්ගේ රහස් සමුළුවකින් පසුව ආරම්භ වනවා.

වතිකානයේ මයිකල් ආන්ජිලෝගේ සිතුවමින් පූර්ණ ලෙස සැරසුණු සිස්ටයින් දේවස්ථානයේ ගෝලාකාර සිවිලිම යට දී අද මෙම නිලවරණය පැවැත්වෙනු ඇති.

ඊට කාදිනල්වරුන් 133 දෙනෙකු සිය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

මෙම කාදිනල්වරුන්ගේ රහස් සමුළුව අද පෙරවරු 10ට එරට වේලාවෙන් ආරම්භ වන්නේ ශාන්ත පීතර බැසිලිකාවේ දිව්‍ය පූජාවකින් අනතුරුවයි.

එය ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ 91 හැවිරිදි කාදිනල් පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ විසින් මෙහෙයවනු ලබනවා.

දහවල් කාලයේ දී, සම්මේලනයට සහභාගී වන කිසිවෙකු බාහිර ලෝකයට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වතිකානු භූමිය තුළ ජංගම දූරකථන සංඥා අක්‍රීය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27