24 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් ළිඳකින් සොයාගෙන

යාපනය, කල්වියන්කාඩු ප්‍රදේශයේ ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් හමු වූ බව වඩුක්කොට්ටේ පොලිසිය පවසනවා.

ඊයේ (18) දිනයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙලෙස හමුව ඇත්තේ කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ මෘත ශරීරයක්.

අදාළ තරුණිය පදිංචිව සිටි නිවසට මීටර් 300 පමණ දුරින් පිහිට ඇති ළිඳක තිබී ඇයගේ මළ සිරුර මෙලෙස සොයාගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වඩුක්කොට්ටේ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?