AFC Banner
Empty Ad
Empty Ad

උපන්දිනය දා මහ මඟ අවසන් ගමන් ගිය සාරුජා (ඡායාරූප)

තරුණියක් ගමන් කළ පාපැදියක යුද හමුදා වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාදරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුදාකරන් සාරුජා නමැති 23 හැවිරිදි තරුණියක්

පුත්තූර් – කනකම්පුලියඩි මාර්ගයේ වීරවානි හන්දියේ දී අද (20) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය අචුවේලි දිසා රෝහලට රැගෙන යමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පසු හමුදා වෑන් රථය ද පෙරළී ගොස් ඇති අතර, එහි රියදුරු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් අචුවේලි පොලිසිය යුද හමුදාව සමඟ පරීක්ෂණ පවත්වනු ලබනවා.

ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ මෘත ශරීරය අචුවේලි දිසා රෝහලේ තැන්පත්කර තිබෙනවා.

අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ උපන්දිය ද අද දිනයේ යෙදී තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

B 5
IMG 20240520 WA0049 1080
B 2
B 4
IMG 20240520 WA0045 1080
B 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
2
+1
23
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?