ඕනෑම මොහොතක සේවකයින්ගේ ගැටලු සාකච්ඡාට තමන් විවෘතයි – අගමැතිනිය

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා 2025 වසරට අදාළව, ‘ඉතිරි කර ගත් නිවාඩු සඳහා වන ගෙවීම්’ කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (24) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙහිදී පැමිණි සිටි වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, 2025 වසරට අදාළ ව ‘ඉතිරි කර ගත් නිවාඩු සඳහා වන ගෙවීම්’ සිදුකිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, අනෙකුත් ඉල්ලීම් සම්බන්ධව ද කඩිනම් මැදිහත් වීමක් සිදු කරන බවයි.

තවද සේවකයින්ට සවන් දෙමින් සේවා ස්ථානයක වෘත්තිය ගැටලු සඳහා පිළියම් ලබාදීමට සාකච්ඡා කිරීම ආයතනයක් විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමක් බව කී අග්‍රාමාත්‍යවරිය, ඕනෑම මොහොතක සේවකයින්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා තමන් විවෘත බව ද ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, ඉහළ කළමනාකාරිත්වය, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා .

  1. පාසල් දරුවන්ට ආහාර සපයන අයට ලබා දෙන රුපියල් 110 ප්‍රමානවත් නැහැ ඒක ගැන කතාවක්වත් නැහැ බඩු මිල වැඩි වෙනකොට අනිත් හැම දේම ඉහල ගියා මේකට කිසිම විසදුමක් අද වෙනකම් නැහැ පොඩ්ඩක් මේ ගැනත් බලන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29