2028 වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනපති කියයි

2028 වසර වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා වන සංඥා මේ වනවිටත් නිකුත් කරමින් ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දෙයියන්දර ප්‍රදේශයේ අද (30) පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනධිපතිවරයා පැවසුවේ 2025 වසර මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණි වසර බවට පත්වනු ඇති බවයි.

එමෙන්ම 2028 වසරේදී යළිත් ණය ගෙවීම ආරම්භ කරන විට ශ්‍රී ලංකා රුපියල නොවැටී ආරක්ෂා කරගත හැකි තත්ත්වයක් උදාකරගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි ඔහු මෙහිදී පැවසුවේ.

වැඩිම අපනයන ආදායම උපයාගත හැකි වසර සහ විදෙස් ගත ප්‍රේෂණ වැඩිම ප්‍රමාණයක් ලැබෙන වසර ද 2025 වසර වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25