2028 වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනපති කියයි

2028 වසර වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා වන සංඥා මේ වනවිටත් නිකුත් කරමින් ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දෙයියන්දර ප්‍රදේශයේ අද (30) පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනධිපතිවරයා පැවසුවේ 2025 වසර මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණි වසර බවට පත්වනු ඇති බවයි.

එමෙන්ම 2028 වසරේදී යළිත් ණය ගෙවීම ආරම්භ කරන විට ශ්‍රී ලංකා රුපියල නොවැටී ආරක්ෂා කරගත හැකි තත්ත්වයක් උදාකරගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි ඔහු මෙහිදී පැවසුවේ.

වැඩිම අපනයන ආදායම උපයාගත හැකි වසර සහ විදෙස් ගත ප්‍රේෂණ වැඩිම ප්‍රමාණයක් ලැබෙන වසර ද 2025 වසර වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09