2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පසු අස්වනු කළමණාකරණ ආයතනය ඇතුළු ආයතන මගින් 2026 වසරට අදාළව ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව මත ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ආයතන පිළිබඳවද අවධානය යොමු වුණා.

එක් එක් ආයතන, දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කරන ලද එක් ඒකකයක් මගින් නියාමනය කිරීමටත්, දිවයින පුරා සිදු කෙරෙන වාරි ප්‍රතිසංස්කරණ සිතියම්ගත කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

2026 අයවැය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන උපරිම ලෙස උපයෝජනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම සහ කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් තරුණයන් අතර ප්‍රවර්ධනය කිරීමටද උපදෙස් ලබා දෙනු ලැබුවා.

මේ වන විට විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාප්ත සේවාවන් ඒකාබද්ධව සහ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළ යෝජනා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, පළාත් සභා සහ මධ්‍යම රජය අතර බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා ඒ ඒ විෂයන් සම්බන්ධ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව යෝජනා සහ ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනු ලැබුවා.

පසුගිය කාලය තුළ විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල අවශ්‍යතාව මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ඒවා නිම කළයුතු කාලසීමාව ඉක්මවා ඇති බැවින් එම ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙන ලදී. එමෙන්ම, ඉදිරියේදී විදේශ ණය යටතේ ආරම්භ කරන කිසිදු ව්‍යාපෘතියක් අවසාන ප්‍රතිඵලය පිළිබඳ අවබෝධයකින් තොරව අනුමත නොකළ යුතු බවද අවධාරණය කළා.

පෙර වසරවල ආරම්භ කරනු ලැබූ ඇතැම් ව්‍යාපෘති නිසි කාලයට අවසන් නොවීම හේතුවෙන් රජයට විශාල වැය බරක් දැරීමට සිදුව ඇති බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, නිසි කලට අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීමටද තීරණය කෙරුණා.

එමෙන්ම දිගු කාලයක් තිස්සේ ප්‍රතිඵල රහිතව පවත්වාගෙන යන යල් පැන ගිය ව්‍යාපෘති සහ වැඩසටහන් වෙනුවට වඩාත් ඵලදායී කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද සාකච්ඡාවට ලක් වුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40