Rajapura Handi Oil
Rajapura Diabetic Powder

2027 අය වැයෙන් කථානායක කාර්යාලයේ වියදම් අඩුකරයි

2027 අයවැය ඉදිරිපත් කිරීමට සමගාමීව නිකුත් කර ඇති දත්තවලට අනුව, කථානායක වැය ශීර්ෂය යටතේ කථානායක කාර්යාලයේ පුනරාවර්තන වියදම් අවම වී ඇති අතර, සමස්ත වියදමෙන් රුපියල් කෝටි 32කට වැඩි ඉතිරියක් වාර්තා වී තිබෙනවා.

එම දත්ත අනුව, 2025 වසර සඳහා වූ රුපියල් 277,950,000ක සමස්ත වාර්ෂික අයවැය ප්‍රතිපාදනයට සාපේක්ෂව, 2026 වසරේ සමස්ත වාර්ෂික ප්‍රතිපාදනය රුපියල් 229,400,000ක් ලෙසයි අඩු වී ඇති බවට වාර්තාවෙනවා.

ඒ අනුව, 2025 වසරේ ඉතිරිය රුපියල් 179,943,881ක් සහ 2026 වසරේ ඉතිරිය රුපියල් 143,088,512ක් වන අතර, එම දෙවසරේ එකතු කළ ඉතිරිය රුපියල් 323,032,393ක් (රුපියල් කෝටි 32කට අධික මුදලක්) වනවා.

පුනරාවර්තන වියදම් සැලකීමේදී, ඉන්ධන වියදම් සඳහා වූ වාර්ෂික ප්‍රතිපාදනය 2025 වසරේ රුපියල් 81,000,000ක සිට 2026 වසරේදී රුපියල් 31,000,000ක් දක්වා අඩු කර තිබෙනවා.

එසේම, දේශීය හා විදේශීය ප්‍රවාහන වියදම් (විදෙස් ගමන් සඳහා වියදම් නොමැත) සඳහා වූ වාර්ෂික ප්‍රතිපාදනය 2025 වසරේ රුපියල් 5,000,000ක් වූ අතර, 2026 වසරේදී එය රුපියල් 8,000,000ක් ලෙසයි සඳහන් වනවා.