2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (24) දින සිට 2026.04.24 දින දක්වා මාර්ගගතව සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව සියලු ම අයදුම්කරුවන්, මාර්ගගතව (Online) පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් අනුව ම නිවැරදිව මාර්ගගතව (Online) අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
විභාගය සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිසුන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවම ද අයදුම්පත් යොමු කළ යුතු වනවා.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් ඔබ වෙත ලබාදී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපදය (Password) භාවිත කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර තමා විසින්ම මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතුයි.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බව ද දැනුම් දෙනවා.
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන මෙන් වැඩි දුරටත් දන්වා සිටිනවා.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් විමසීම් කළ හැකියි.
ක්ෂණික දුරකථන -1911
දුරකථන අංක – 0112785922, 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංක – 0112784422
විද්‍යුත් තැපෑල – [email protected]













