2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ 03න් ඉහළට – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ 03න් ඉහළ ගොස් තිබෙනවා.

ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක් ඇති කරනවා. මෙම යෝජනාව 2026 අප්‍රේල් සිට ක්‍රියාත්මක කරනවා.

ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත් ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා කරනවා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

වාහන අලෙවියේ දී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා කරනවා.

දැනට කියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යෝජනවා කරනවා.

රජයේ ආදායම මත අවම බලපෑමක් සහිතව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම සඳහා කාල රාමුවකට අනුව සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57