මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ 03න් ඉහළ ගොස් තිබෙනවා.
ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක් ඇති කරනවා. මෙම යෝජනාව 2026 අප්‍රේල් සිට ක්‍රියාත්මක කරනවා.
ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත් ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා කරනවා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.
වාහන අලෙවියේ දී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා කරනවා.
දැනට කියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යෝජනවා කරනවා.
රජයේ ආදායම මත අවම බලපෑමක් සහිතව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම සඳහා කාල රාමුවකට අනුව සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් කරනවා.














