2025 වසරට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන නිලධාරීන්ට නඩු

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු නිලධාරීන් විසින් එම ප්‍රකාශ ලබානොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ ආයතනයේ ප්‍රධානියා වෙත භාරදීමට ලබා දී තිබූ කාලය පසුගිය ජුනි මස 30 වනදා අවසන් වූ බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ මේ මස 31 දිනය වන විට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාරදීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

2025.06.30 දින සිට 2025.08.31 දින දක්වා භාරදෙනු ලබන ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩ අය කිරීමක් සිදුකරන බවත් අදාළ නිවේදනය මඟින් දක්වා තිබෙනවා.

මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් ඇත්නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානියා වෙත භාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවමකර ගැනීමට කටයුතු කරන ලෙස ද අල්ලස් කොමිසම පවසනවා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?