Empty Ad
AFC Banner
Empty Ad

2024 – T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වෙයි (ඡායාරූප)

2024 කාන්තා T20 ලෝක කුසලානයේ තරගාවලි කාලසටහන එළිදක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි මෙම කාලසටහන අද (26) දිනයේ දී එළිදක්වා ඇත්තේ.

ඒ අනුව මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනි දා ආරම්භ වන අතර; අවසන් පූර්ව තරග ඔක්තෝම්බර් 17 සහ 18 පැවැත්වෙනවා.

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, ඔක්තෝබර් මස 20 වනදායි.

මෙම තරග සඳහා අතිරේක දිනයක් ද ලබාදීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ තරග කරනු ලබනවා.

B කාණ්ඩය නියෝජනය කරන්නේ; දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය යි.

ඩුබායි හා සාජා යන ක්‍රීඩාංගණවල දී තරග 23ම පැවැත්වෙනවා.

සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා පෙරපුහුණ තරග 10ක් සැලැසුම් කර තිබීම ද විශේෂත්වයක්.

මීට පෙර තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට හිමි ව තිබුණද, පවතින දේශපාලනික ව්‍යාකූලත්වය මත එය අවලංගු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
4
+1
5
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>