2024 – T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වෙයි (ඡායාරූප)

2024 කාන්තා T20 ලෝක කුසලානයේ තරගාවලි කාලසටහන එළිදක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි මෙම කාලසටහන අද (26) දිනයේ දී එළිදක්වා ඇත්තේ.

ඒ අනුව මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනි දා ආරම්භ වන අතර; අවසන් පූර්ව තරග ඔක්තෝම්බර් 17 සහ 18 පැවැත්වෙනවා.

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, ඔක්තෝබර් මස 20 වනදායි.

මෙම තරග සඳහා අතිරේක දිනයක් ද ලබාදීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ තරග කරනු ලබනවා.

B කාණ්ඩය නියෝජනය කරන්නේ; දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය යි.

ඩුබායි හා සාජා යන ක්‍රීඩාංගණවල දී තරග 23ම පැවැත්වෙනවා.

සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා පෙරපුහුණ තරග 10ක් සැලැසුම් කර තිබීම ද විශේෂත්වයක්.

මීට පෙර තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට හිමි ව තිබුණද, පවතින දේශපාලනික ව්‍යාකූලත්වය මත එය අවලංගු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
4
+1
5
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?