logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

2024 LPL පිටියේ පළමු කඩුලු ත්‍රිත්වය ෂඩාබ්ගෙන්

මෙවර එල්.පී.එල්. තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම නියෝජනය කරන ෂඩාබ් ඛාන්ට හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (02) රාත්‍රියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ෂඩාබ් ඛාන් මෙම දක්ෂතාව දක්වනු ලැබුවා.

මෙම තරගයේ දී වනිඳු හසරංග, අගා සල්මාන් සහ පවන් රත්නායක ෂඩාබ් ඛාන්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.

ෂඩාබ් ඛාන් ඊයේ තරගයේ දී ලකුණු 22කට කඩුලු 04ක් බිඳ දැමූ අතර, ඔහුගේ මෙම දකෂතාවයත් සමඟ කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම ලකුණු 51ක ජයක් හිමිකර ගත්තා.

මේ අතර මෙම තරගයේ දී තවත් විශිෂ්ට පන්දු යැවීමක නිරතවන්නට දුනිත් වෙල්ලාලගේ සමත්වීම ද විශේෂත්යක්.

එහිදී දුනිත් පන්දුවාර 03යි පන්දු 05ක් තුළ ලකුණු 20ක් පමණක් ලබාදෙමින් කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?