AFC Banner
Empty Ad
Empty Ad

2024 – LPL ජුලි මස 01 වැනි දා ඇරඹෙයි (නිවේදනය)

2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2024) තරගාවලිය එළඹෙන ජුලි 01 වැනි දා සිට ආරම්භ වනවා.

ජුලි මස 01 වැනි දින පස්වරු 03ට පැවැත්වෙන අති උත්කර්ෂවත් සමාරම්භක උලෙළකින් පසුවයි එදින මංගල තරගය ආරම්භ වන්නේ.

ඒ අනුව රාත්‍රී 7.30ට කැන්ඩි හා දඹුල්ල යන කණ්ඩායම් ද්විත්වය තරග වදිනු ඇති.

මෙම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ජුලි 01 වැනි දා සිට ඇරඹෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජුලි මස 21 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවරත් ලංකා ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

LPL 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?