Indian Premier League

2024 වසරේ ICC එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වය අසලංකට

2024 වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කණ්ඩායමට ක්‍රීඩිකයින් 11 දෙනෙකු ඇතුළත්.

එහි නායකත්වය හිමි ව ඇත්තේ ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංකටයි.

මෙවර මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ ක්‍රීඩකයින් 11 දෙනා අතරට කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීමයි.

වැඩිම නියෝජනයක් ශ්‍රී ලංකාවෙන් එක් ව තිබෙනවා.

ඒ අනුව චරිත් අසලංකට අමතරව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග මෙම ලැයිස්තුවේ සිය ස්ථාන හිමිකරගෙන තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ.

ඊට අමතර ව පාකිස්තානයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයින් තිදෙනකුට සහ එක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට මෙම කණ්ඩායමට එක් වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?