2024 වසරේ මේ දක්වා වන අලි – මිනිස් ගැටුම්වලින් මියගිය ගණන ගැන අනාවරණයක්

වනඅලි – මිනිස් ගැටුම හේතුවෙන් 2024 වසරේ මේ දක්වා (18) පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 05 දෙනෙකු සහ වනඅලීන් 12 දෙනෙකු මියගොස් ඇති බව හෙළි ව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ වනඅලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා සැලසුම් සහ ක්‍රියාමාර්ග පිළිබඳ ව පැවති සාකච්ඡාවක දියි මේ බව අනාවරණය කෙරුණේ.

රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී මෙම
සාකච්ඡාව පැවැත්වුණා.

වනඅලි ගැටලුව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට බරපතළ ලෙස බලපා ඇති බව මෙහිදී හෙළිවුණා.

පල්ලේගම, නවගත්තේගම, ආණමඩුව, පුත්තලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුව, ආරච්චිකට්ටුව සහ කරුවලගස්වැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනඅලි ගැටලුවට දැඩි ලෙස මුහුණ දී සිටින බව ද මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට කරුවලගස්වැව, වනාතවිල්ලුව වශයෙන් කලාප තුනකට සහ කරුවලගස්වැව අලි පාලන ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එම කලාපවල සේවය සඳහා ප්‍රමාණවත් තරම් නිලධාරීන් සහ වාහන නොමැති වීම ගැටලුවක් බව ද නිලධාරීන් පෙන්වා දුන්නා.

පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලය විසින් කිලෝමීටර් 365 කින් යුත් විදුලි වැටවල් 20ක් ස්ථාපනය කර ඇති බවත්, මාසයකට ගොවීන් සඳහා වනඅලි වෙඩි 10,000 ක් නිකුත් කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මිනිස් ජීවිත සහ කෘෂි භෝග රැකගෙන අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතු බව‍යි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?