2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

ඒ, සඳහා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් සූදානම් කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 17,140,354 දෙනෙකු සුදුකම් ලබා ඇති අතර, ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 196ක්.

මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ සහ දේශපාලන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 8,361 දෙනෙක් මෙවර මහ මැතිවරණය සඳහා තරග වදිනවා.

ඉන් අපේක්ෂකයින් 5,006ක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අතර; 3,346 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ ස්වාධීන අපේක්ෂකයින් ලෙසයි.

මේ අතර මෙවර මහ මැතිවරණය වෙනුවෙන් වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචිව සිටින්නේ ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව, 1,881,129ක්.

මන්නාරම මැතිවරණ දිස්ත්‍රික්කය මෙවර අඩුම ඡන්දදායකයින් සන්න්ඛ්‍යාවක් ලියාපදිංචිව සිටින දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 91 607ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසන් වන අතර, ඡන්දය ගණනය කිරීම සඳහා දිවයින පුරා පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්දය ගණනය කිරීම අද (14) පස්වරු 4.15 පමණ වනවිට ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි.

ඡන්දය ගණන් කිරීම වෙනුවෙන් ආසන්න වශයෙන් 80,000ක පමණ නිලධාරීන්ගේ සංඛ්‍යාවක් යොදවා ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ලක්ෂ දෙකක පමණ නිලධාරීන්ගේ සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය වෙනුවෙන් රාජකාරි සඳහා යොදවා තිබෙනවා.

මේ අතර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය නිල ඡන්ද ප්‍රතිඵල සජීවීව ඔබ වෙත ගෙන ඒමට ‘දසත’ ප්‍රවෘත්ති අංශය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

දසත නිව්ස් නිල ෆේස්බුක් පිටුව සහ දසත නිව්ස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අද (14) රාත්‍රී 8.00 සිට “The Next Parliament” මහ මැතිවරණය නිල ඡන්ද ප්‍රතිඵල විකාශය නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?