2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

ඒ, සඳහා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් සූදානම් කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 17,140,354 දෙනෙකු සුදුකම් ලබා ඇති අතර, ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 196ක්.

මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ සහ දේශපාලන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 8,361 දෙනෙක් මෙවර මහ මැතිවරණය සඳහා තරග වදිනවා.

ඉන් අපේක්ෂකයින් 5,006ක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අතර; 3,346 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ ස්වාධීන අපේක්ෂකයින් ලෙසයි.

මේ අතර මෙවර මහ මැතිවරණය වෙනුවෙන් වැඩිම ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචිව සිටින්නේ ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව, 1,881,129ක්.

මන්නාරම මැතිවරණ දිස්ත්‍රික්කය මෙවර අඩුම ඡන්දදායකයින් සන්න්ඛ්‍යාවක් ලියාපදිංචිව සිටින දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 91 607ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00ට අවසන් වන අතර, ඡන්දය ගණනය කිරීම සඳහා දිවයින පුරා පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්දය ගණනය කිරීම අද (14) පස්වරු 4.15 පමණ වනවිට ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි.

ඡන්දය ගණන් කිරීම වෙනුවෙන් ආසන්න වශයෙන් 80,000ක පමණ නිලධාරීන්ගේ සංඛ්‍යාවක් යොදවා ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ලක්ෂ දෙකක පමණ නිලධාරීන්ගේ සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය වෙනුවෙන් රාජකාරි සඳහා යොදවා තිබෙනවා.

මේ අතර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය නිල ඡන්ද ප්‍රතිඵල සජීවීව ඔබ වෙත ගෙන ඒමට ‘දසත’ ප්‍රවෘත්ති අංශය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

දසත නිව්ස් නිල ෆේස්බුක් පිටුව සහ දසත නිව්ස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ අද (14) රාත්‍රී 8.00 සිට “The Next Parliament” මහ මැතිවරණය නිල ඡන්ද ප්‍රතිඵල විකාශය නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19