Empty Ad
Empty Ad
AFC Banner

2024 හොංකොං සික්සස් කිරුළ ශ්‍රී ලංකාවට

2024 හොංකොං සික්සස් ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබා දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගත් එම තීරණය නිවැරදි තීරණයක් බවට පත්කරගනිමින් පාකිස්ථාන ඉනිම පන්දුවාර පහයි පන්දු දෙකක් තුළ ලකුණු 72 කට සීමා කරන්නට සමත් වුණා.

අනතුරුව ලකුණු 73ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව එම ඉලක්කය ඉනිමේ අවසන් පන්දුවාරය තුළ පසුකර යමින් අවසන් මහා තරගය ජයග්‍රහණය කළා.

තරගවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක තරිඳු රත්නායක සම්මාන හිමිකරගත් අතර, අවසන් තරගයේ වීරයා ධනංජය ලක්ෂාන්.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවය දිනාගත් දෙවන අවස්ථාව මෙය වනවා.

ශ්‍රී ලංකාව මීට පෙර 2007 වසරේ දී මෙම ශූරතාවය දිනාගෙන තිබුණා.

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත් වුණේ වසර 07ක විරාමයකින් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
33
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එකම පවුලේ දියිණියන් දෙදෙනා ජීවිතක්ෂයට#breakingnews
01:58
Video thumbnail
චන්ද්‍රිකා සහ හරිනි එකම වේදිකාවේ හරිම සතුටින්
09:04
Video thumbnail
කිලෝ එක 2000 සීමාව ඉක්මවූ එළවළු මෙන්න
05:15
Video thumbnail
කතානායකතුමා සුදුසුකම් පෙන්වන්න - නැත්නම් ඉල්ලා අස් වෙන්න
08:49
Video thumbnail
හාල්වලට වුණු දේ මෝල් හිමියා පාරිබෝගික නිලධාරීන් හමුවේ හෙළි කරයි
05:03
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළට - විශේෂ හෙළිදරව්ව
05:54
Video thumbnail
අසේල සම්පත්ට උදේම නහුතෙට තදවෙයි
08:41
Video thumbnail
අපේ සටන් සගයා නාමල් කරුණාරත්න - දැන් ෆෝනුත් ඕෆ් කරගෙන - ගොවියෝ පාරට සූදානම්
10:36
Video thumbnail
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
03:38
Video thumbnail
හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ජීවිත හානි පවා වෙන්න පුළුවන්
16:46

?