2024 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර ශ්‍රී ලංකාවත්

2024 වසරේ දී ආසියානු කලාපයේ රටවල් අතර ඇති නැරඹිය හැකි හොඳම ස්ථාන අතරට ශ්‍රී ලංකාවේ දකුණු සහ මධ්‍යම පළාත්වල ස්ථාන රැසක් ලැයිස්තුගත කර තිබෙනවා.

Condé Nast Traveller නම් සුඛෝපභෝගී සංචාරක සඟරාව විසිනුයි මෙම ස්ථාන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

එම සඟරාවට අනුව, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් නැගී සිටින බව පෙන්වා දෙනවා.

නව ආහාර වර්ග, ශරීර සුවතා ඉලක්ක කරගත් කඳු නැගීම් මෙන්ම සියවස් ගණනාවක ඉතිහාසයක් නැරඹීමට හැකි බවටයි සඟරාව සංචාරකයන්ට උපදෙස් දී ඇත්තේ.

ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් විස්තර කරමින් Condé Nast Traveler පවසන්නේ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් බැහැර වී නැඟී එන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුඛෝපභෝගී සහ සුවදායී තේවලින් පිරුණු උස්බිම්වල සිට තල් අතු සහිත වෙරළ දක්වා දිවෙන බවයි.

දකුණේ, නව සුඛෝපභෝගී සංචාරක නිකේතන සම්බන්ධයෙන් ද මෙහිදී වර්ණනා කර තිබෙනවා. ඒවා අතර, Kayaam House සහ Ahu Bay, ඉන්දියානු සාගරයට මායිම්ව යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි හිල්ටන් නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිවියන් දැකීමට හොඳම ස්ථානයක් ලෙසටයි හඳුන්වා දී ඇත්තේ. එමෙන්ම යුනෙස්කෝ ලැයිස්තුගත ගාලු කොටුවේ දෙසැම්බර් මාසයේ විවෘත වන The Charleston ද මෙහිදී නැරඹීමට හැකි බව සඟරාව සංචාරකයන්ට ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා මෝස්තර නිර්මාණ ශිල්පී ඩී ගිබ්සන් විසින් වැලිගම නගරයේ දැනටමත් ස්ථාපිත කර ඇති කළුකන්ද නිවස, යෝග ක්‍රම සහ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැකි බව සඳහන් කර තිබෙනවා.

මාතර පොල්හේන වෙරළ තීරයේ දූපත් ආශ්‍රිතව 2024 මුල් භාගයේදී එළිදැක්වීමට නියමිත සුඛෝපභෝගී හෝටල් සම්බන්ධයෙන් ද මෙහිදී ඇගයීමට ලක්කර තිබෙනවා.

ජනවාරි මාසයේදී, ගාලු සාහිත්‍ය උළෙල වසර පහක විරාමයකින් පසු නැවත පැමිණෙන අතර, ෂෙහාන් කරුණාතිලක සහ ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත් වැනි සාහිත්‍යධරයින්ගේ පෙනී සිටීමත් සමඟ එය විශාල අවධානයකට ලක්වනු ඇති බවටයි සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ උස්බිම් හරහා ගමන් කරන කිලෝමීටර් 300ක නව කඳු නැගීමේ මාර්ග ජාලයක් වන Pekoe Trail හි අභ්‍යන්තරයේ සංවර්ධනය අඛණ්ඩව සිදු වනවා. ඓතිහාසික තේ වතු, යටත් විජිත වතු, ප්‍රාදේශීය ගම්මාන, ශුද්ධ වූ සිද්ධස්ථාන සහ ජෛව විවිධත්වයෙන් පිරී ඇති වනාන්තර හරහා ගමන් කිරීම, ශ්‍රී ලංකාවේ සශ්‍රීක කඳුකරය අත්විඳීමේ නව ක්‍රමයක් බවටයි සංචාරකයන්ට උපදෙස් දෙනු ලබන්නේ.

Condé Nast Traveller සඟරාවට අනුව, 2024 දී ආසියාවේ නැරඹිය යුතු හොඳම ස්ථාන 11 ලැයිස්තුව, ලොව පුරා විසිරී සිටින දායක ලේඛකයින් විසින් දැනුම් දෙන තොරතුරු අනුවයි සකස් කෙරෙනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?