2024 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර ශ්‍රී ලංකාවත්

2024 වසරේ දී ආසියානු කලාපයේ රටවල් අතර ඇති නැරඹිය හැකි හොඳම ස්ථාන අතරට ශ්‍රී ලංකාවේ දකුණු සහ මධ්‍යම පළාත්වල ස්ථාන රැසක් ලැයිස්තුගත කර තිබෙනවා.

Condé Nast Traveller නම් සුඛෝපභෝගී සංචාරක සඟරාව විසිනුයි මෙම ස්ථාන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

එම සඟරාවට අනුව, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් නැගී සිටින බව පෙන්වා දෙනවා.

නව ආහාර වර්ග, ශරීර සුවතා ඉලක්ක කරගත් කඳු නැගීම් මෙන්ම සියවස් ගණනාවක ඉතිහාසයක් නැරඹීමට හැකි බවටයි සඟරාව සංචාරකයන්ට උපදෙස් දී ඇත්තේ.

ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් විස්තර කරමින් Condé Nast Traveler පවසන්නේ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් බැහැර වී නැඟී එන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුඛෝපභෝගී සහ සුවදායී තේවලින් පිරුණු උස්බිම්වල සිට තල් අතු සහිත වෙරළ දක්වා දිවෙන බවයි.

දකුණේ, නව සුඛෝපභෝගී සංචාරක නිකේතන සම්බන්ධයෙන් ද මෙහිදී වර්ණනා කර තිබෙනවා. ඒවා අතර, Kayaam House සහ Ahu Bay, ඉන්දියානු සාගරයට මායිම්ව යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි හිල්ටන් නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිවියන් දැකීමට හොඳම ස්ථානයක් ලෙසටයි හඳුන්වා දී ඇත්තේ. එමෙන්ම යුනෙස්කෝ ලැයිස්තුගත ගාලු කොටුවේ දෙසැම්බර් මාසයේ විවෘත වන The Charleston ද මෙහිදී නැරඹීමට හැකි බව සඟරාව සංචාරකයන්ට ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා මෝස්තර නිර්මාණ ශිල්පී ඩී ගිබ්සන් විසින් වැලිගම නගරයේ දැනටමත් ස්ථාපිත කර ඇති කළුකන්ද නිවස, යෝග ක්‍රම සහ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැකි බව සඳහන් කර තිබෙනවා.

මාතර පොල්හේන වෙරළ තීරයේ දූපත් ආශ්‍රිතව 2024 මුල් භාගයේදී එළිදැක්වීමට නියමිත සුඛෝපභෝගී හෝටල් සම්බන්ධයෙන් ද මෙහිදී ඇගයීමට ලක්කර තිබෙනවා.

ජනවාරි මාසයේදී, ගාලු සාහිත්‍ය උළෙල වසර පහක විරාමයකින් පසු නැවත පැමිණෙන අතර, ෂෙහාන් කරුණාතිලක සහ ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත් වැනි සාහිත්‍යධරයින්ගේ පෙනී සිටීමත් සමඟ එය විශාල අවධානයකට ලක්වනු ඇති බවටයි සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ උස්බිම් හරහා ගමන් කරන කිලෝමීටර් 300ක නව කඳු නැගීමේ මාර්ග ජාලයක් වන Pekoe Trail හි අභ්‍යන්තරයේ සංවර්ධනය අඛණ්ඩව සිදු වනවා. ඓතිහාසික තේ වතු, යටත් විජිත වතු, ප්‍රාදේශීය ගම්මාන, ශුද්ධ වූ සිද්ධස්ථාන සහ ජෛව විවිධත්වයෙන් පිරී ඇති වනාන්තර හරහා ගමන් කිරීම, ශ්‍රී ලංකාවේ සශ්‍රීක කඳුකරය අත්විඳීමේ නව ක්‍රමයක් බවටයි සංචාරකයන්ට උපදෙස් දෙනු ලබන්නේ.

Condé Nast Traveller සඟරාවට අනුව, 2024 දී ආසියාවේ නැරඹිය යුතු හොඳම ස්ථාන 11 ලැයිස්තුව, ලොව පුරා විසිරී සිටින දායක ලේඛකයින් විසින් දැනුම් දෙන තොරතුරු අනුවයි සකස් කෙරෙනු ලබන්නේ.

  1. SUDDO NATHNAM EDATH API NAHE, ADATH API NAHE, HETATH API NAHE. EYALA HADALA DEEPU RATA MUN MANKOLLA KEWA. KILO METER DAHAS GANAAK RAIL ROAD HADANNA EYALATA GIYE AWURUDU 10 ADU KALAYAK. MATARA SITA KATARAGAMATA OKA HADANNA AWURUDU 100 GIYA. EYALA MUDUBIM PANTHIN BALEN PAWARA GANIPU IDAM WALA WAWAPU TEA, RUBBER WALIN THAMAYI THAMA API DUWANNE. EYLA ME RATIN GODAK DHANAYA ARAGENA GIYATH AYALA KARAPUWA APITA DEELA GIYA. APE MUSALAYO EWA WINASAKALA, KARAMIN PAWATHINAWA. HORA MANKOLLA MUSALA HATHTHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04