spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ජනවාරි 17 වනදා

2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 17 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසනවා.

මේ අතර, අයවැය විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන 08 වනදා පස්වරු 5.00ට පෙර සැලසුම්කර තිබූ පරිදීම පැවැත්වීමටයි එහිදී සකච්ඡා වී ඇත්තේ.

මේ අතර ලබන 09 වෙනි සිකුරාදා දින එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ලබන 10 වන සෙනසුරාදා වෙනුවට 13 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව 13 වන අඟහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ලබන 13 වන දිනෙන් පසු නැවත ලබන වසරේ (2023) ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?