2009ට පෙර ලයිසන් ගත් පිරිස නව ලයිසන් එක ගන්න – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

2009 ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2025 ජුනි මස 12 වැනි දින ජාතික පුවත්පතක මුල් පිටුවේ හා ඒ අනුසාරයෙන් සමාජ මාධ්‍යයන්හි පළ වූ 2009ට පෙර ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට යයි” යන සිරස්තලයෙන් පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කරන බවයි.

උක්ත කරුණ සම්බන්ධයෙන් අවසාන තීරණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වනවිට (ජුනි 16) ගෙන නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් ඇති බවත් නිවේදනය මගින් දන්වා සිටිනවා.

එමෙන්ම දැනටමත් 2009ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?