20-20 තරගාවලියක් දිනපු ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණු කුසලානය

ස්කොට්ලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා ජයගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගාවලිය ජයගත්තේ තරග තුනට බිංදුවක් ලෙසටයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින්, දෙවන තරගය ලකුණු 70කින් සහ තුන්වන තරගය කඩුලු 06කින් ඕස්ට්‍රේලියාව ජයගත්තා.

මේ අතර තරගාවලියේ ශූරතාව දිනාගත් ඕස්ට්‍රේලියාවට ලැබුණු කුසලානය පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකය කතා බහක් මතුව තිබෙනවා.

සාමාන්‍යයෙන් පිරිනමන කුසලානවලට සාපේක්ෂව මෙම කුසලානය ප්‍රමාණයෙන් කුඩාවීම ඊට හේතුවයි.

තරගාවලිය ජයග්‍රහණයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එම ජයග්‍රාහී කුසලානය ලබාගෙන එකිනෙකා සමඟ උපහාසාත්මකව සිනාසෙන ආකාරය දැකගත හැකි වුණා.

මෙම කුසලානය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ද උපහාසාත්මක අදහස් දක්වා ඇති ආකාරය ද දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22