20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 07 වන ස්ථානයේ මේ වනවිට රැඳී සිටිනවා.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බංග්ලාදේශය සමඟ ඊයේ පැවති තරගයේ දී ලැබූ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයට පැමිණීමත් සමඟ එතෙක් 07 වන ස්ථානයේ සිටි පාකිස්ථානයට 08 වන ස්ථානය දක්වා පියවරක් පසුබැසීමටයි සිදුව ඇත්තේ.

පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම තවමත් අංක එකේ රැඳී සිටින අතර, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?