1958න් ඇමැති මනුෂ EPF පෝලිමට තිත තියයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන 1958 කෙටි අංකය සහ appointment.labourdept.gov.lk යොමුව අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනගත කරන ලදි.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී ය.

එහි දී අදහස් දැක්වූඅමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ ද පැවැසීය.

“කම්කරු ලේකම් කාර්යාලයට වැඩිපුර ම ලැබෙන්නේ පැමිණිලි. පොඩි ෆයිල් එකක් දෙන්නත් උදේ ආවාම රෑ වෙනකල් වැඩේ කර ගන්න බෑ, පෝලිම් වල ඉන්න වෙනවා, ලොකු වෙලාවක් රස්තියාදු වෙන්න වෙනවා කියන චෝදනා තමයි වැඩි. ඒ නිසා තමයි අපේ ජනතාවට තමන්ගේ සේවාව ඉටුකර ගන්න කලින් ම වේලාවක් වෙන්කර ගන්න පහසුකම් සලසන්න කටයුතු කළේ. දැන් කිසිම කෙනෙක්ට රස්තියාදු වෙන්න ඕනේ නෑ. ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලයෙන් විනාඩියක් දෙකක් ඇතුළත තමන්ට පහසු කාර්යාලයක්, දිනයක් වේලාවක් වෙන් කර ගන්න පුළුවන්. මේ පහසුකම ප්‍රධාන කාර්යාලයට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑ ම කම්කරු කාර්යාලයකට ම අදාළ යි. මේක නිසා අපිට දිගු වේලාවක් පෝලිම් වල ඉන්න හෝ රස්තියාදු වෙන්න වෙන එකක් නෑ. ඒ වගේ ම කම්කරු කාර්යාලයේ අනෙකුත් මෙහෙයුම් කටයුතු සියල්ලත් මේ විදියට ම ඩිජිටල්කරණය කිරීමට අපි ඉතා කඩිනමින් කටයුතු කරනවා“
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලබාගැනීම සදහා දැනට පවතින දිගු පෝලිම් අහෝසි වන අතර ප්‍රධාන කාර්යාලයට අමතර ව සියලු දිස්ත්‍රීක්, කලාප සහ උපකාර්යාල මගින් සේවා සපයා ගැනීමට ද වේලාව වෙන්කර ගත හැකි ය. සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම් කිරීම, 30% ප්‍රතිලාභ අයදුම් කිරීම, මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් ප්‍රතිලාභ අයදුම් කිරීම සහ සේවා යෝජක ලියාපදිංචිවීම් යන කටයුතු මේ ඔස්සේ ඉටුකර ගත හැකි ය.

මෙතෙක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබූ මාර්ගගත පහසුකම අද සිට දිස්ත්‍රීක් කාර්යාල 40, උපකාර්යාල 17 සහ කලාප කාර්යාල 11 වෙතින් ද ලබාගත හැක.

යම් අධීක්ෂණ කාලසීමාවකින් අනතුරු ව මාර්ගගත ක්‍රියාවලිය අනිවාර්ය කෙරෙන බවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනම් ව ඉටුකර දී මහජනතාව පත්වන අපහසුතාවන් අවම කිරීමට මෙමගින් බලාපොරාත්තු වන බවත්, මෙම අවස්ථාවට එක් වූ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ සදහා වන තාක්ෂණික පහසුකම් සපයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40