19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සුපිරි 06 තරග වට හෙටින් ඇරඹෙයි

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ පළමු තරගය ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගය එළඹෙන 26 වැනි දින මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි දී පැවැත්වෙනවා.

A කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් මූලික වටයේ පැවති තරග 03න් දෙකක් ම ජය ගත්තා.

ඒ මැලේසියාවට සහ කොදෙව්වන්ට එරෙහිව යි.

ඊයේ (23) පැවති අවසන් මූලික තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුව ද ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමත් සමග සුපිරි හයදෙනාගේ වටයට තේරී පත් වුණා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සුපිරි හයදෙනාගේ වටයේ දෙවැනි තරගයට තරග වදින්නේ ප්‍රතිවාදී ඔස්ට්‍රෙලියාව සමගයි.

ඒ ජනවාරි මස 29 වැනි දිනයි.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වුණා.

සුපිරි 6 වටය කණ්ඩායම් 6 බැගින් කණ්ඩායම් 12ක් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩා කරනවා.

එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

සුපිරි 6 වටයේ තරග ආරම්භ වන්නේ හෙට (25) දින සිට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15