AFC Banner
AFC Banner
Empty Ad

19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් පූර්ව වටය ඇරඹෙයි – ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය යොවුන් කණ්ඩායම අතර 2024 ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගය අද (06) ආරම්භ වුණා.

මෙම තරගය අද (06) ඩුබායි – සාජා නුවර දී පෙරවරු 09ට ආරම්භ වූයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක විහස් තෙව්මික පළමු ව පිතිකරණය තෝරාගත්තා.

මේ වනවිට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 03ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 08ක් ලබා සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ සිටින්නේ දුල්නිත් සිගේරා සහ පුලිඳු පෙරේරා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?