spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

18 වංගුවේ රථවාහන ධාවනය යථා තත්ත්වයට

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුවේ සිදු වූ නාය යාමෙන් අවහිරව තිබූ මාර්ගයේ එක් මංතීරුවක් ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

ඒ, අනුව එම මාර්ගය රථවාහන ධාවනය සඳහා භාවිතා කළ හැකි අතර, හසලක පොලිසිය පවසන්නේ මාර්ගයේ ගමනා ගමනයේ දී රියදුටන් විමසිලිමත්ව පසුවන ලෙසයි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාර්ගයට විශාල කළුගල් පතිතවීම හේතුවෙන් එහි ගමනා ගමනයට ඊයේ (04) රාත්‍රියේ සිට බාධා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?