156 වන පොලිස් දින සැමරුම් උත්සවය 2022 සැප්තැම්බර් මස 03 වන දින

ශ්‍රී ලංකා පොලිසියේ 156 වන පොලිස් දින සැමරුම මෙවරද 2022 සැප්තැම්බර් මස 03 වන දිනට යෙදී ඇත . පොලිසියේ ප්‍රථම පොලිස්පති වශයෙන් සර් ජී.ඩබ්.ආර්.ඩී කැම්බල් මහතා 1866 සැප්තැම්බර් මස 03 වන දින පත්වූ අතර , එම දිනය වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් දිනය වශයෙන් සමරනු ලබයි .

ලොව පුරා පැවති කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය නිසා මහජනතාවගේ එදිනෙදා දෛනික කටයතු වෙනස් කර ගැනීමට සිදු විය . පසුගිය දෙවසරක කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් දින සැමරුමට මතකයක් පමණක් ඉතිරිවන ලෙසට ඉතා චාම් ලෙස පවත්වන ලදී . දීර්ඝ කාලයක නිහැඬියාවකින් පසු මෙවර පොලිස් දින උත්සවය ගාම්භීරත්වයකින් යුතුව ගරු ජනාධිපතිතුමන් , ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ගරු කථානායකතුමා ඇතුළු ප්‍රභූවරුන් රැසකගේ සහභාගීත්වයෙන් සම්මාන පෙළපාලියක්ද සහිතව බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී 2022 සැප්තැම්බර් මස 03 වන දින සවස 0300 ට ආරම්භ වේ .

අභිමානවත් උත්සවය අශ්වයන් පෙරටුකොට ගත් නිලධාරින්ගේ සම්මාන පෙළපාලිය , පොලිස් විශේෂ කාර්ය බලකා සහ නිල සුනඛ සංදර්ශන , සංස්කෘතික සංදර්ශන ඇතුළු අංග රැසකින් සමන්විත වනු ඇත . සැප්තැම්බර් 03 වන දින සිට 10 වන දින දක්වා පොලිස් සතිය වශයෙන් නම් කොට විවිධ ක්‍රියාකාරකම් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත . විමර්ශන කටයුතු සඳහා විශේෂ අවධානය යොමු කරමින් නොයෙකුත් සමාජ සත්කාරක වල යෙදෙමින් මහජනතාව සමඟ පවතින සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට මූලිකවම කටයුතු කෙරෙන අතර ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මඟින් මහජනතාවට ප්‍රයෝජනවත් තොරතුරු ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත .

පරිසර ආරක්ෂණ ප්‍රජා පොලිස් සේවා සඳහා ද මෙම කාලය තුල අවධානය යොමු කෙරෙන අතර , සෞඛ්‍ය වැඩසටහන් , රුක් රෝපන වැඩසටහන් , පොලිස් ජංගම සායන , ක්‍රීඩා වැඩසටහන් , පාසල් සිසුන් මහජනතාව අපරාධ නිවාරණය මාර්ග ආරක්ෂාව මත්ද්‍රව්‍ය නිවාරණය , කාන්තා හිංසන සහ ළමා අපචාර වළක්වා ගැනීම වැනි විෂයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පොලිස් සතියට සමගාමීව දිවයින පුරා සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ . පොලිස් විරුවන් , විශ්‍රාමික නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම මෙන්ම විවිධ සමාජ සත්කාරක වැඩසටහන් 8500 කට වැඩි ප්‍රමාණයක් දිවයිනේ පොලිස් ස්ථාන හා කොට්ඨාස මුල්කර ගනිමින් පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කර ඇත .

පොලිස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන ආගමික වැඩසටහන් අතරින් සර්ව ආගමික වතාවත් පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 03 වන දින පැවැත්වේ . මෙහිදී බෞද්ධාගමික වැඩසටහන හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී ද කතෝලික ආගමික වැඩසටහන බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී ද හින්දු ආගමික කටයුතු බම්බලපිටිය කදිරේශන් කෝවිලේදී සහ මුස්ලිම් ආගමික කටයුතු දවටගහවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකිරීමට නියමිතය .

ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතන අතරින් තුන්වන රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා පොලිසිය 35 වන පොලිස්පතිවරයා සමඟින් ගෞරවනීයව එකතුවෙමින් 156 වන වසර පසුකර යාමට සියළු කටයුතු සංවිධානය කරමින් සිටී .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40