13 හැවිරිදි ළමයෙක් නිව් යෝර්ක් පොලිසියෙන් වෙඩි කා මරුට

ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 13 හැවිරිදි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෙල්ලම් තුවක්කුවක් අතැතිව සිටියදී මෙම පිරිමි ළමයා පොලිසියෙන් පැන යාමට කටයුතු කිරීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ උටිකා නම් ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ සොරකම් ඇතුළු විවිධ අපරාධ කිහිපයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ පොලිස් නිලධාරීන් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා තම මිතුරෙකු සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඔවුන්ව නවත්වා ආරක්ෂාවට යොදවා සිටිපොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්නකර තිබෙනවා.

එම අවස්ථාවේ දී 13 හැවිරිදි මෙම පිරිමි ළමයා එමා ස්ථානයෙන් පළා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී දරුවා සහ පොලිස් නිලධාරියෙක් පොරබදා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී තවත් පොලිස් නිලධාරියෙක් ළමයාගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි Nyah Mway නැමැති මෙම දරුවාට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දී රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම ළමයා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කර ඇති වීඩියෝ දර්ශනවලට අනුව ළමයා පළායාමට උත්සාහ කර අවස්ථාවේ ඔහු සන්තකයේ ගිනි අවියක් ඇති බව දුටු පොලිස් නිලධාරීන් “තුවක්කුක්” යනුවෙන් කෑ ගසනවා.

එය සැබෑ අත් තුවක්කුවක් බවට විශ්වාස කළ පොලිස් නිලධාරීන්, එක් නිලධාරියෙක් ළමයා සමඟ පොරබදන අවස්ථවේ දී මෙම වෙඩි තැබීම සිදුකරනවා.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ ළමයා සන්තකයේ තිබී ඇත්තේ Glock 17 අවියක අනුරුවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?