13 හැවිරිදි ළමයෙක් නිව් යෝර්ක් පොලිසියෙන් වෙඩි කා මරුට

ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 13 හැවිරිදි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෙල්ලම් තුවක්කුවක් අතැතිව සිටියදී මෙම පිරිමි ළමයා පොලිසියෙන් පැන යාමට කටයුතු කිරීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ උටිකා නම් ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ සොරකම් ඇතුළු විවිධ අපරාධ කිහිපයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ පොලිස් නිලධාරීන් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා තම මිතුරෙකු සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටිය දී ඔවුන්ව නවත්වා ආරක්ෂාවට යොදවා සිටිපොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්නකර තිබෙනවා.

එම අවස්ථාවේ දී 13 හැවිරිදි මෙම පිරිමි ළමයා එමා ස්ථානයෙන් පළා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී දරුවා සහ පොලිස් නිලධාරියෙක් පොරබදා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී තවත් පොලිස් නිලධාරියෙක් ළමයාගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි Nyah Mway නැමැති මෙම දරුවාට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දී රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම ළමයා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කර ඇති වීඩියෝ දර්ශනවලට අනුව ළමයා පළායාමට උත්සාහ කර අවස්ථාවේ ඔහු සන්තකයේ ගිනි අවියක් ඇති බව දුටු පොලිස් නිලධාරීන් “තුවක්කුක්” යනුවෙන් කෑ ගසනවා.

එය සැබෑ අත් තුවක්කුවක් බවට විශ්වාස කළ පොලිස් නිලධාරීන්, එක් නිලධාරියෙක් ළමයා සමඟ පොරබදන අවස්ථවේ දී මෙම වෙඩි තැබීම සිදුකරනවා.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ ළමයා සන්තකයේ තිබී ඇත්තේ Glock 17 අවියක අනුරුවක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11