13 හැවිරිදි දරුවෙක් සමඟ ලිංගිකව හැසිරී මවක් වූ කතට බන්ධාගාරයේ දොර වැසේ

වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු සමඟ ලිංගිකව හැසිරුණු බවට චෝදනා ලැබූ ඇමරිකානු ජාතික කාන්තාවක් බන්ධනාගාර ගත නොකිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

දරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිටි 31 හැවිරිදි ඇන්ඩ්‍රියා සෙරානෝ නැමැති මෙම කාන්තාව පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහිදී ඇය තමන් සිදුකළ වරද පිළිගෙන ඇති අතර, කෙසේ වෙතත් ඇයව බන්ධනාගාර ගත නොකිරීමට කොලරාඩෝ හි අධිකරණයක් පසුගිය දා තීරණය කර තිබෙනවා.

මෙලෙස බාලවයස්කාර පිරිමි දරුවෙකු සමඟ ලිංගිකව හැසිරුණු මෙම කාන්තාව එම අවස්ථාවේ දී ගැබ්ගෙන ඇති අතර, පසුගිය වසරේ ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු පිරිමි දරුවෙකු බිහිකර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවට බන්ධනාගාර ගත නොකර නිදහස ලබාදීම සම්බධයෙන් අගතියට පත් 13 හැවිරිදි දරුවාගේ මව්පියන් විසින් දැඩි විරෝධය පළකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

13 හැවිරිදි දරුවාගේ මව පවසා ඇත්තේ “මගේ පුතාගේ ළමා කාලය මංකොල්ලකෑවා වගේ මට දැනෙනවා. දැන් එයාට පියෙක් වෙන්න වෙනවා. එයා ගොදුරක්. එයාට ජීවිත කාලෙම ඒකත් එක්ක ජීවත් වෙන්න වෙයි” යනුවෙන්.

කෙසේ වෙතත් අදාළ කාන්තාවට පරිවාස ගතවීමට සිදුවන අතර, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු මෙම කාන්තාවගේ පරිවාස කාලය තීරණය කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?