13 හැවිරිදි ක්‍රීඩිකාවක් ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි

ඔලිම්පික් ඉතිහාසය අලුත් කරන්නට ජපාන ස්කේට් බෝඩ් ක්‍රීඩිකා නිශියා මොමිජි සමත් වුණා.

ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් ලාබාලම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙමින්.

ලාබාල ක්‍රීඩිකාවන් අතරේ පැවති තියුණු සටනකින් අනතුරුව ඇය හමුවේ පරාජය පත් වුයේ තවත් 13 හැවිරිදි ක්‍රීඩිකාවක වන බ්‍රසීලයේ, රයිසා ලීල්.

මෙහිදී රන් පදක්කම දින ගැනීම සඳහා 13 හැවිරිදි නිශියා මොමිජි ලකුණු 15.26ක් ලබා ගත් අතර දෙවන ස්ථානය දිනාගත් රයිසා ලීල් රිදී පදක්කම දිනා ගැනීම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 14.64ක්.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමත් ජපානය සතු වූ අතර එය දිනාගත්තේ ද තවත් 16 හැවිරිදි ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයක්.

නාකයාමා ෆුනා වන ඇය මෙහිදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 14.49ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?