11 හැවිරිදි දැරියක් සමඟ විවාහ වී පවුල් කෑ 40 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

11 හැවිරිදි බාල වයස්කාර දැරියක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිවාන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කරනවා.

දැරියගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර පාණ්ඩේ නැමැති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

බාලවයස්කාර දැරියගේ මව චෝදනා කළේ විත්තිකාර මහේන්ද්‍ර පාණ්ඩේගෙන් තමන් ලබාගත් ණය මුදලක් නොගෙවීම හේතුවෙන් තම දියණිය බලහත්කාරයෙන් විවාහ කරදුන් බවයි.

කෙසේ වෙතත්, මහේන්ද්‍ර පාණ්ඩේ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එය දැරියගේ මව තමාගෙන් මුදල් ලබාගැනීම සඳහා අටවා ඇති උගුලක් බවයි පොලිසියට සඳහන් කර ඇත්තේ.

“මම කසාද බැන්දේ ගෑනු ළමයගෙයි අම්මගෙයි කැමැත්තෙන්. දැන් ගෑනු ළමයගෙ අම්මා මාව බ්ලැක්මේල් කරනවා. සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. අපි අතරේ කිසිම ආකාරයක මුදල් ගනුදෙනුවක් තිබ්බේ නෑ, මම කොටු වෙලා.” යනුවෙන් චෝදනාව එල්ල වී සිටින මහේන්ද්‍ර පාණ්ඩේ පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බාල වයස්කාර දැරියගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ය පවසා ඇත්තේ,
තම මව, මහේන්ද්‍ර පාණ්ඩේව බොරු චෝදනාවකට පටලවා ඇති බවයි.

“අපි දෙන්නම කසාද බැන්දේ අම්මගේ කැමැත්තෙන්, අපි දෙන්නට එකට ඉන්න ඕන, කලින් අම්මා හැමදේම කරලා දුන්නා. දැන් අපි දෙන්නවම කොටු කරනවා” යනුවෙන් දැරිය පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මහේන්ද්‍ර පාණ්ඩේ මේ වනවිය අත්අඩංගුවේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
13
+1
7
+1
11
+1
3
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?