තවත් සරසවියක කොවිඩ් ආසාදිතයින්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

විභාග කටයුතු සඳහා කැඳවූ සිසුන් 300 දෙනෙකු අතරින් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණවලින් අනාවරණය වූ බව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී.එම්.ඒ. සමරක්කොඩි මහතා පැවසීය.

ඒ අනුව සිසුන් 40 දෙනෙකු නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවරගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ්  -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනාගෙන තිබුණි.

ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට එහිදී තහවුරු විය.

මේ අතර පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවසක පැවති උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින් පිරිසක් අතරින් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් 100කට අධික පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?