W15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, මාර්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.