රවීගේ උපන්දිනය සාදයේදී එජාපය සමඟ එක්වීම ගැන සජබයෙන් කොළ එළියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ උපන්දිනය වෙනුවෙන්, ඔහුගේ උපන්දිය යෙදී තිබුණු පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී උපන් දින සාදයක් පැවැත්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් අනුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා විසින් මෙම කෙටි උපන්දින සාදය සංවිධානය කර තිබුණා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිස්දෙනෙක් පමණ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙලෙස රවී කරුණානායක වෙනුවෙන් සුබ පැතීම සඳහා එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

උපන් දිනය වෙනුවෙන් කේක් කපා සුබ පැතීමෙන් අනතුරුව දවසේ දේශපාලන කතාබහක්ද සිදුවී තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ එක්වීම පිළිබඳවයි.

මන්ත්‍රී රවීට සුබ පතමින් විපක්ෂ නායකවරයා පවසා සිටියේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එක්වීම ගැන සමාජය තුළ විශාල උනන්දුවක් පවතින බවයි.

ඒ වෙනුවෙන් එම පක්ෂ දෙකේ සියලුම දෙනා මේ අවස්ථාවේදී කැපවී සිටීම අගය කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

රවී කරුණානායක ද ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ මෙම පක්ෂ දෙකට එකතු වී රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකිරීමට හැකි බවයි.

එය ජනතාව බලාපොරොත්තු සිටින බවත් අනිවාර්යයෙන්ම මෙම පක්ෂ දෙකේ සාමාජිකයින් මේ වන විටත් එකතුවෙමින් සිටින බවත් රවි විසින් පෙන්වා දුන්නා.

එමෙන්ම එහිදී අදහස් දැක්වූ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂයේ සමගිය සහ එකමුතුභාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපන් දින සඳහා මෙවැනි කෙටි චාම් සැමරුම් උත්සව දිගටම සංවිධානය කිරීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32