AFC Banner
Empty Ad
Empty Ad

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද (23) දිවුරුම් දුන්නා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළව පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද 5,634,915ක් ලබාගනිමින් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

මේ අතර නව ජනාධිපතිවරයා තෝරා පත් කිරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?