AFC Banner
AFC Banner
Empty Ad

09 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට ඇරඹෙයි

09 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

09 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (08) පෙරවරු 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අනිද්දා (09) පෙරවරු 9.30 දක්වා සභාව කල්තැබීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?