08 හැවිරිදි දැරියට දිවි අහිමි කළ මාරක රිය අනතුර

යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 08 ක් වූ දැරියක් මියයාමේ අවාසනාවන්ත පුවතක් පොල්ගහවෙල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මියගිය දැරිය වයස අවුරුදු 08 ක් වූ ඉඹුල්ගස්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පිටුපසින් පැමිණි පුද්ගලික බස් රථය යතුරුපැදියේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් දැරිය කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?