ෆොක්ස් හිල් අනතුර ගැන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කණගාටුව

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලුම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මේජර් ජෙනරල් කේ.ඒ.එන්.රසික කුමාර නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28 වරටත් සංවිධානය කර කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පවත් වුණේ වසර 05ක නිහඬතාවයකින් පසුවයි.

තරඟාවලියේ තරඟ ඉසව් 24ක් අතුරින් 17 වැනි තරඟය ලෙස පැවැත් වූ 1500cc Ford Laser Mazda 323 ඛාණ්ඩය යටතේ පැවති තරඟය අතරතුර මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ (21) පස්වරුවේ දීයි.

මෝටර් රථයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් සිදු වූ මෙම අනතුරින් තරඟ මෙහෙයුම් නිලධාරින් ඇතුළු එම ස්ථානයේ රැදී සිටි 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එම අනතුරෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙක් වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීමෙන් අනතුරුව, තරඟාවලියේ ඉතිරි තරග අත්හිටුවීමට තරඟ සංවිධායකයන් විසින් කටයුතු කරණු ලැබුවා.

මේ අතර පොලිසිය පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගත බවත්, ඔවුන් දෙදෙනා මේ වනවිට පොලිස් ආරක්ෂාව යට‍තේ රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27