ෆොක්ස් හිල් අනතුර ගැන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කණගාටුව

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලුම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මේජර් ජෙනරල් කේ.ඒ.එන්.රසික කුමාර නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28 වරටත් සංවිධානය කර කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පවත් වුණේ වසර 05ක නිහඬතාවයකින් පසුවයි.

තරඟාවලියේ තරඟ ඉසව් 24ක් අතුරින් 17 වැනි තරඟය ලෙස පැවැත් වූ 1500cc Ford Laser Mazda 323 ඛාණ්ඩය යටතේ පැවති තරඟය අතරතුර මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ (21) පස්වරුවේ දීයි.

මෝටර් රථයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් සිදු වූ මෙම අනතුරින් තරඟ මෙහෙයුම් නිලධාරින් ඇතුළු එම ස්ථානයේ රැදී සිටි 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එම අනතුරෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙක් වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීමෙන් අනතුරුව, තරඟාවලියේ ඉතිරි තරග අත්හිටුවීමට තරඟ සංවිධායකයන් විසින් කටයුතු කරණු ලැබුවා.

මේ අතර පොලිසිය පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගත බවත්, ඔවුන් දෙදෙනා මේ වනවිට පොලිස් ආරක්ෂාව යට‍තේ රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?