ෆේස්බුක් සාදයක් වටලා 41ක් අත්අඩංගුවට

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10ක් ඇතුළු 41 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව හෝටලයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ ද පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන්.

සාදය අතරතුර මත්ව සිටී ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තරුණයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා භාරදීමට ද කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01