spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් සාදයක් වටලා 41ක් අත්අඩංගුවට

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10ක් ඇතුළු 41 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව හෝටලයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ ද පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන්.

සාදය අතරතුර මත්ව සිටී ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තරුණයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා භාරදීමට ද කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?