ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ කැලණි ගඟට මායිම්ව පිහිටි හෝටලයක් තුළ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සාදය සංවිධානය කළ ප්‍රධාන සැකකරු ද ඊයේ (23) රාත්‍රී කළ වැටලීමෙන් අත්අඩංගුවට ගත් බවයි අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සමග ගංජා දුම්වැටි 11ක් , හෂිස් ග්‍රෑම් 20ක්, බියර් ටින් 24ක්, බියර් බෝතල් 13ක්, දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 20ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ෆේස්බුක් ඔස්සේ සංවිධාන කළ මත්ද්‍රව්‍ය සාදයක් හෝටලයක් තුල පැවැත්වෙන බවට පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

එම හෝටලය වැටලීම සඳහා කැලෑබද මාර්ගය ඔස්සේ පොලිසිය යන අවස්ථාවේ මාර්ගයේ තැන තැන ලී කොට දමා බාධා මතු කර තිබු අතර ඊට අමතරව ඔත්තුකරුවන් ද යොදා තිබූ බව සඳහන්.

පිටත සිට බලන අයෙකුට හෝටලය තුළ සිදුවන කටයුතු නොපෙනීමට කෙසෙල් කොළ යොදා ආවරණය කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය එහි සිටි සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ එක් අයකුගෙන් රුපියල් 3500ක මුදලක් මෙම සාදය සඳහා අය කර තිබූ බවටයි.

අත්අඩංගුවට ගත් තරුණයන්ගෙන් 7 දෙනෙකු කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙසු පුද්ගලයන් බලංගොඩ, පන්නිපිටිය සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14